අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාවය සහ උදරය ගැන පසුගියදා කළ විවේචනාත්මක ප්‍රකාශය කා අතරත් කතා බහට ලක්වන මොහොතක,සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ලබන 30වනදා
ආරම්භ වීමට නියමිත තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය මැන බැලීමේ පරීක්ෂණය අද (21) පැවැත්වුණා.
මේ සඳහා ක්‍රීඩකයින් 28 දෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුන්ගේ ශරීර සුවතාවය පිළිබඳව හා ඉදිරියේදී පැවැත්වෙන සංචාරය සඳහා සූදානම පිළිබඳව ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
‘‘අපි ෆිට්නස් ටෙස්ට් එක තිබ්බා, සිම්බාබ්වේ ටුවර් එකට ටීම් එකේ හොඳම 11 දෙනා තොරගන්න එක ගැන තමයි හැමෝම හිතන්නේ. අපේ ක්‍රීඩකයින් 28 දෙනෙක් මේ ෆිට්නස් ටෙස්ට් එකට සහභාගී වුණා. ඒකෙන් දුවද්දි හොඳටම ෆිට්නස් තියෙන්නේ කුලේට. ඔහු තමයි අංක 1ට තේරුණේ. දෙවනි තැන තියෙන්නේ මට. සමහර අයට අපේ ෆිට්නස් ගැන ප්‍රශ්නයක් තිබුණා. ඒ අයගෙන් මට අහන්න තියෙන්නේ තාමත් එදා ඉඳන් සෙල්ලම් කරපු කුලේටයි මටයි තමයි හොඳටම ෆිට්නස් තියෙන්නේ. මීට වඩා අපිට මොනවද කරන්න තියෙන්නේ ? කියලා'' යැයි එහිදී ඔහු සඳහන් කළා.



No comments:
Post a Comment