ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයේදි ලැබු නොසිතු පරාජය නිසා ඉන්දීය කණ්ඩායමේ වෙනස් කම් රැසක් සිදු කිරීමට නායක විරාත් කෝලීට අවශ්‍යව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙහි මුල් පියවර ලෙස කණ්ඩායමේ පුහුණුකරුගේ සේවය සම්බන්ධයෙන් තමන් සැහීමකට පත් නොවන බව විරාත් කෝලී දැන්වීමෙන් අනතුරුව කණ්ඩායමේ පුහුණුකරු අනිල් කුම්බ්ලේ සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
අනිල් කුම්බ්ලේ ඉන්දියාවේ ඉතාමත් ජනාදරයට පත් වූ ක්‍රිඩකයෙක් ලෙස ප්‍රසිද්ධයි.
අනිල් කුම්බ්ලේ ඉන්දියාවේ ඉතාමත් ජනාදරයට පත් වූ ක්‍රිඩකයෙක් ලෙස ප්‍රසිද්ධයි.
ජ්‍යේෂ්ඨත්වය හෝ ඔහුන්ගේ කීර්ති නාමය යන කිසිවෙක් නොසලකා නැවත කිසිදු තරගාවලියක් පරාජය නොවීමට ගත යුතු සෑම දැඩි පියවරක්ම ලබා ගැනීමට තමන්ට අවශ්‍ය බව විරාත් කෝලී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා. ඒ අනුව බොහො විට ජ්‍යේෂ්ඨ ක්‍රිඩකයන් වන මහේන්ද්‍ර සිං දෝණී සහ යුවරාජ් සිංගේ පවා ස්ථාන වෙනස් වීමට හැකි අතර ලද පරාජයෙන් විරාත් කෝලී දැඩි ලෙස සිත් රිදීමකට පත්ව තිබෙන බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ



No comments:
Post a Comment