Social Icons

Pages

Thursday, July 6, 2017

රාජපක්ෂලාට විහිලු කරන්න ගිහින් ජිප්සීස් සුනිල් පෙරේරා ගුටි කාපු හැටි !.

වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රීයේදී සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ රාත්‍රී නර්තන ප්‍රසංගයක් අතර තුරදී ඒ සඳහා ගීතයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් එල්ලව තිබෙන බවට වාර්තා වනවා. 

 
සුනිල් පෙරේරරා ඔහුගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීම නිසා ඉන් උරණ වූ පිරිසක් විසින් මෙලෙස ඔහුට පහර දුන් බව පැවසෙනවා.
 මධ්‍යම රාත්‍රීයේදි ආරම්භ වූ සිදුවීම අවසන්  වන විට අද (02) පාන්දර 1 පමණ වී තිබූ බවත් එම ස්ථානයේ ‍රැදි සිටි පුද්ගලයන් පවසනවා.
මෙම අවස්ථාවේදී ගැ‍ටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ ස්වාධීන රුපවාහිනි නිවේදක මහේෂ් සේනානායකටද එම පිරිස් වෙතින් සුළු ප්‍රහාරයක් එල්ලවී ඇත. 
කෙසේ නමුත් උත්සව සංවිධායකයන් ගැ‍ටුම සමතයකට පත් කර එම උත්සවයේ කටයුතුද ඉන්පසුව අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
මිට පෙර අවස්ථා කිහිපයකදීද ගායක සුනිල් පෙරේරා මහතා මෙලෙස රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා ගීත ගායනා කිරීම නිසා ගැ‍ටුම් වලද මැදිව තිබීම විශේෂත්වයකි

No comments:

Post a Comment

 
Blogger Templates